Saturday, November 23, 2013

පරන කතා



පුන්චි කාලෙ ගොඩක් අය අහපු දේ තමයි සහොදර සහොදරියො නැති හින්දා ජීවිතෙ පාලුවක් දැනෙන්නේ නැත්ද කියලා..මට ඒක තෙරුනේ නෑ එ දවස්වල..පාලුව කියන්නෙ මොකක්ද..සහොදර සහොදරියො කියන්නෙ කවුද කියන්න මම දන්නෙ නෑ..මට ඒ ගැන තිබුන එකම හැගීම නම් අප්පච්චිගෙ අම්මගේ ආදරෙ බෙදේවි කියන බයක්..එ නිසා සහොදර සහොදරියො කියන සාධකෙට මම සැහෙන්න බයයි..කොටින්ම අල්ලපු ගෙවල්වල ඔය කියන සහොදර ප්‍රපන්ච චොක්ලට් එක 2කට බෙදාගන්න හැටි දැක්කම මට සැහෙන්න පුදුමයක් දැනුනා..ටිකෙන් ටික ලොකු වෙද්දි යාලුවො කියල පිරිසක් ගොඩ නැගුනා..ඉස්කෝලෙ කැම්පස් එකේ,මග තොටෙ.........


ඔය අතරෙදි මට ආයෙමත් මගේ පරන සිතිවිලි මතක් උනා..ඒකාධිපතියෙක් විදියට ගෙදර විදියටම ලෝකෙ දැකපු හැටි මතක් උනා..කාලෙකින් සුද්ද නොකරපු මගෙ බ්ලොග් එක මතක් උනේ සහුර්ද එකෙක් උන්නොත් උන් කියවල බලයිනෙ කියලා..
මේ අපේ පරම්පරාවෙ සැහෙන පිරිසක් පවුලෙ එකා යකා වෙලා ඉපදුනේ මොන වාසනාවකද අවාසනාවකටද කියන්න මම දන්නෙ නෑ..එ එක එක යකාගෙ ලොකේ අහුලගත්ත විදියත් වෙනස් ඇති..ඒත් මගෙ අවට උන්නු ඒකාධිපතියන්ගේ සිතිවිලි එක වගේ..පිට අය නිතරම කියන්නෙ අපි ආත්මාර්තකාමී හුදකලා ලමයි කියලා..ඒක තීරනය ඔබටම බාරයි..

කාලයා ඉඩ දෙන විදියට පරන පෙට්ටගන් ඇදල කරලා අකුරු අමුනන්න බලන්නම්..!

Tuesday, April 30, 2013



ඉස්සර නම් කවියක් ලියපු ගමන්ම කොල දෙක තුනකම ලියලා ලියලා  පත්තරෙට දැම්මා...ඊට ටික කාලෙකට පස්සේ ප්‍රින්ටරෙ ආවම ප්‍රින්ට් කරලම දැම්මා..ජන්ජාලේ ගෙදරට ආවම ..............ලියන එක නතර උනා...කාලෙකින් ලියන්න ගත්තම කියවන අය වෙනස් වෙලා..එයාල මොඩ් වෙලා ..එ නිසා මමත් ආයෙ අයිනෙන්ම වාහනේ පාරට දැම්මා...
සුක්කානමවත්
10යි 10ට අල්ලගන්න බැරිව
ඕෆ් රෝඩ් ගියපු ඔයාව
ගියර් මාරුකරලා
හරි ලයින් එකට ගත්තෙ මම........
සිග්නල් ලයිටුත් නැතිව
හෑන්ඩ් සිග්නල් දාලා
බ්‍රෙක් කරපු අලුත් මොන්ටෙරො එකට
මහපාර මැද
මාව දාලා ඔයා නැග්ගා...
හිරවෙච්ච ට්‍රැෆික් එකේ
හොන් සද්ද මැද්දේ
බ්‍රෙක්ඩවුන් උන මම
"ඇදගෙන යාම" එනකන් බලාගෙන උන්නා......
ඉංග්‍රිසි නොම්මර ගහපු
යාරිස්,හයිබ්‍රිඩ් අස්සෙන්
හයිවේ එකට ස්පීඩ් කරද්දි
ලයිසන් නැති මම
තාම මග..............

එහෙන් මෙහෙන් කට්ටිය ලියන ලිපි ජන්ජාලෙ දකිද්දි නිකමට වගේ හිතුනා මටත් ආයේ ලියන්න..එහෙම මතක් වෙල බ්ලොග් එකක් හදන්න යත්දි මෙන්න තියෙනවා මීට අවුරුදු ගානකට කලින් මම හදපු බ්ලොගයක් හප්පෙ :-p